රුසියානු ඩ්‍රෝන 26 ක් යුක්රේන හමුදා විසින් බිම හෙලයි

යුක්රේනයේ නැගෙනහිර, දකුණු සහ ගිනිකොනදිග ප්‍රදේශ වලට ඉහළින් රුසියාව විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා 26 ක් බිම හෙලීමට යුක්රේන හමුදාව සමත් වී තිබෙනවා.

ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා 28ක් යුක්රේනයේ Odesa, Kharkiv, Dnipropetrovsk සහ Zaporizhzhia යන ප්‍රදේශවලට රුසියාව විසින් එක රැයකින් දියත් කළ බව යුක්රේන ගුවන් හමුදාව සඳහන් කරනවා.

Zaporizhzhia ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා පැවසුවේ කලාපයේ අගනුවරට ආසන්න ප්‍රදේශයකට සුන්බුන් වැදීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි.

එසේම රුසියාව විසින් මිලසයිල ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර යුක්රේනය සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා යුක්රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba ද දෙදින සංචාරයක් සඳහා බ්‍රහස්පතින්දා නවදිල්ලියට පැමිණ තිබෙනවා.