Tesla සමාගමේ විද්‍යුත් මෝටර් රථ වලට සාපේක්ෂව ඩොලර් 4000ක් පමණ අඩුවට ලබා ගත හැකි විද්‍යුත් මෝටර් රථයක් Xiaomi විසින් හඳුන්වා දී තිබෙනවා.
මෙම SU7 රථය චීනයේ යුවාන් 215,900 වැනි මුදලකට විකුණන බවයි Xiaomi ප්‍රධාන විධායක නිලධාරී Lei Jun පැවසුවේ.
SU7 හි අවම ධාවන පරාසය කිලෝමීටර 700ක් වන අතර Tesla’s Model 3 හි අවම ධාවන පරාසය කිලෝමීටර 606ක් පමණ වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Xiaomi මෝටර් රථය වෙළඳපොළට නිකුත් කර විනාඩි 27 ක් ඇතුළත මෝටර් රථ ඇණවුම් 50,000 ඉක්මවා ලැබී ඇති බව වාර්තා වෙනවා.
ලබන අප්‍රේල් මස අවසන් වන විට මේ ඇණවුම් සියල්ල සම්පූර්ණ කිරීමට හැකියාව ඇති බවයි Xiaomi සමාගම සඳහන් කරන්නේ.
Apple’s Car Play සඳහා මෙන්ම iPad සමඟ ද මෙම SU7 රථය සම්බන්ධ වන අතර අධිවේගී මාර්ග සහ නගර සඳහා රියදුරු සහය තාක්ෂණය ද මෙහි පවතිනවා.

