2024 – 03 – 29

හිරු බැසීම – 06 : 08

හිරු මුදුන් වීම – 12 : 13

හිරු බැසීම – 18 : 18

දීර්ඝ සති අන්තයක පලවෙනි දවස අද. අද නිවාඩු දවසක් නිසා බොහොමයක් දෙනා අද නිදහසේ ඇති කියලා හිතනවා.

අද තියෙන විශේෂත්වය තමයි අද කතෝලික සහ ක්‍රිස්තියානු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා සිකුරාදා දිනය යෙදී තිබීම.

ජේසුස් වහන්සේව කුරුසයේ ඇන ගැසීම, සහ සියලු මිනිසුන් වෙනුවෙන් උන්වහන්සේ සිය ජීවිතය පරිත්‍යාග කිරීම සිහිපත් කිරීම සඳහා තමයි අද දවස නම් කරලා තියෙන්නේ.

අද දවසේ ලතෝනි ගී කියමින් උන් වහන්සේගේ වියෝව පිලිබඳ ශෝකය පළ කරනු ලබනවා.

ඒ වගේම අද තියෙන තවත් විශේෂත්වයක් තමයි අද International Mermaid Day හෙවත් ජාත්‍යන්තර දිය කිඳුරියන්ගේ දවස.

දිය කිඳුරියන් කියන්නේ පුංචි ළමයි හරිම ආස කෙනෙක් නේ. ඇත්තටම දිය කිඳුරියන් කියන්නේ කාල්පනික සත්ත්වයෙක් විදිහට සැලකුවත් සමහර අය නම් කියනවා අතීතයේ ජීවත් වුණු දිය කිඳුරියන්ගේ අස්ථි කැබලි හමු වෙලා තියෙනවා කියලත්.

දිය කිඳුරියක් කියන්නේ මනුෂ්‍ය උඩු කයක් සහ මත්ස්‍ය යටි කයක් තියෙන කෙනෙක්. ගැහැණු දිය කිඳුරියන් සංකල්පය ටිකක් බහුලව භාවිත වුණත් පිරිමි දිය කිඳුරනුත් සමහර අවස්ථා වලදී භාවිතා කරනවා.

මාර්තු 29 වෙනිදා World Marbles Day එක විදිහටත් හඳුන්වන්න පුළුවන්. Marbles එහෙමත් නැත්නම් ජිල් බෝල කියන්නේ ඉතීම් අපේ ළමා කාලේ සුන්දර මතකයක් නේ.

ඔන්න ඔයා අද ටිකක් නිදහසේ නම් ඉන්නේ, විශේෂ වැඩක් මොකුත් නැත්නම් ඔයාට පුළුවන් කට්ටිය එකතු කර ගෙන ජිල් ගහන්න…. පරණ මතක අලුත් කර ගනිමින් හොඳ නිවාඩු දවසක් ගත කරන්න අවස්තාව උදා කර ගන්න පුළුවන්.

එහෙනම් අද දවස සතුටින් ගත කරන්න.. අද ටිකක් විවේකයක් ලබා ගන්නත් අමතක කරන්න එපා.

ජය වේවා! තෙරුවන් සරණයි!