රෝස් ගේ දිවි ගැලවූ ලී කොටය වෙන්දේසියට

ටයිටැනික් චිත්‍රපටයේ එන නැව ගිලෙන අවස්තාවේ දී රෝස්ගේ දිවි බේරා ගත් ලී කොටය වෙන්දේසි කර තිබෙනවා.

එය අමෙරිකානු ඩොලර් 718,750කට අලෙවි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ලී කොටය දළ වශයෙන් මීටර 2.4ක් දිගින් සහ මීටර් 1ක් පළලකින් යුතු වනවා.

දොර පැනලයක් මෙලෙස මෙම ලී කොටය ලෙස යොදා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.