නොබෙල් සම්මානලාභී මනෝවිද්‍යාඥයෙකු වන ඩැනියෙල් කැනමන් ජීවිතක්ෂයට

ඇමරිකානු-ඊශ්‍රායල මනෝවිද්‍යාඥයෙකු වන ඩැනියෙල් කැනමන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔහු මිය යන විට 90 හැවිරිදි වියෙහි පසු වූ බවයි වාර්තා වෙන්නේ.

ඉතා ගැටලුකාරී සහ සංකීර්ණ දෙයක් වන මිනිසාගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔහු සිදු කරන ලද පරියේෂණ සඳහා 2022 වසරේ දී ඔහුට ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ද හිමි වී තිබෙනවා.

ඔහුගේ මරණය සම්බන්ධ තොරතුරු සහ එයට හේතුව මෙතෙක් ප්‍රසිද්ධ කර නැහැ.

මිනිසුන් බොහෝ විට දේවල් පවතින ආකාරයටම පවත්වා ගැනීමට දැඩි ලෙස කැමති අතර මිනිසුන් ගන්නා බොහෝ තීරණ ඒ මත පදනම්ව ගනු ලබන බව ඔහු සිය පර්යේෂණ ඔස්සේ අනාවරණය කර ගනු ලැබුවා.