වෙළඳසැල් වලින් භාණ්ඩ මිල දී ගැනීමේ දී ලබා දෙන සිලි බෑග් වලටත් මුදලක්

වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන සිලි බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

පරිසර යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමින් සඳහන් කළේ භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් සඳහා වෙළඳසැල්වලින් ලබා දෙන සිලි බෑග් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බවයි.

මුදලක් අය කළහොත් ඒවා භාවිතය අධෛර්යමත් වනු ඇති බව පෙන්වා දුන් පෙත්සම්කාර සංවිධානය, ඒ හරහා පරිසර හානිය අවම කර ගැනීමට හැකි වනු ඇති බවත් සඳහන් කළා.