පොල් කිරි අපනයනය කිරීම මගින් පසුගිය පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 2,971ක මුදලක් උපයාගෙන ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.
එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට වඩා රුපියල් මිලියන 570ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.
පොල් කිරි මෙට්රික් ටොන් 4366ක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී අපනයන කරමින් රුපියල් මිලියන 2401ක් උපයාගෙන තිබුණා.
එමෙන්ම, පසුගිය නොවැම්බර් මාසයේ සිට මාසික පොල් නිෂ්පාදනයේ ද ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද පොල් සංවර්ධන අධිකාරිය ප්රකාශ කළා.

