රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එරට ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් තවත් වසර පහකට සිය ධුරය තහවුරු කර ගෙන තිබෙනවා.
රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය වන ඡන්ද 87%ක් ලබා ගනිමිනුයි ඔහු මෙලෙස යලිත් ජනාධිපතිධුරයට තේරී පත් වී ඇත්තේ.
එසේම ඔහු වැඩිම කාලයක් රුසියාව පාලනය කළ නායකයා බවට ද පත් ව තිබෙනවා.
කෙසේවෙත් මෙම මැතිවරණය ප්රජාතන්ත්රවාදී නීත්‍යානුකූලභාවයක් නොමැති බවට බටහිර රටවල් විසින් දැඩිව විවේචනය කරනු ලබනවා.
එසේම මෙම මැතිවරණයට තරඟ කළ කොමියුනිස්ට් අපේක්ෂක නිකොලායි කරිටොනොව් සියයට 4 ට අඩු ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වූ අතර නවක ව්ලැඩිස්ලාව් ඩවන්කොව් තුන්වන ස්ථානයට සහ අන්ත ජාතිකවාදී ලියොනිඩ් ස්ලට්ස්කි සිව්වන ස්ථානයට පත් වී තිබෙනවා.

