සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සඳහා පොලීසිය විසින් නව මෙහෙයුමක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ පොලිස් විශේෂ කාර්ය බළකාය භාර අණදෙන නිලධාරීවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදුකරනු ඇත.
දැනට මනුෂ්‍ය ඝාතන වැඩිම සංඛ්‍යාවක් සිදුවන බස්නාහිර හා දකුණ යන ප්‍රදේශවල මෙම මෙහෙයුම සිදුකරයි.
පොලිස්පතිවරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීවරයාගේ නියෝගවලට පමණක් ක්‍රියාත්මක වන සන්නද්ධ ප්‍රහාරක පොලිස් බලඇණි 20ක් මෙම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර සියලුම ග්‍රාම සේවා ඒකකවල පිහිටුවා ඇති ප්‍රජා පොලිස් ඒකකය තවදුරටත් ශක්තිමත් කර ඒ හරහා ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු සඳහන්ග් කරන්නේ රාමීය මට්ටමින් ඇති කර ඇති ආරක්ෂක කමිටු සඳහා මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශාල වගකීමක් පැවරෙන බවයි.
කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කවල ප්‍රජා පොලිස් ඒකක බලගැන්වීම අරමුණින් පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේය.

