රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින්ට තියුණු ජයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එරට ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් තවත් වසර පහකට සිය ධුරය තහවුරු කර ගෙන තිබෙනවා.

රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය වන ඡන්ද 87%ක් ලබා ගනිමිනුයි ඔහු මෙලෙස යලිත් ජනාධිපතිධුරයට තේරී පත් වී ඇත්තේ.

එසේම ඔහු වැඩිම කාලයක් රුසියාව පාලනය කළ නායකයා බවට ද පත් ව තිබෙනවා.

කෙසේවෙත් මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නීත්‍යානුකූලභාවයක් නොමැති බවට බටහිර රටවල් විසින් දැඩිව විවේචනය කරනු ලබනවා.

එසේම මෙම මැතිවරණයට තරඟ කළ කොමියුනිස්ට් අපේක්ෂක නිකොලායි කරිටොනොව් සියයට 4 ට අඩු ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වූ අතර නවක ව්ලැඩිස්ලාව් ඩවන්කොව් තුන්වන ස්ථානයට සහ අන්ත ජාතිකවාදී ලියොනිඩ් ස්ලට්ස්කි සිව්වන ස්ථානයට පත් වී තිබෙනවා.