ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බව මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 300.60 ක් වන අතර විකුණුම් මිල රු. 310.20ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියල ස්ථාවරව පවතිනවා.

