Elon Musk ගේ Starship නැවත එන ගමනේදී විනාශ වෙයි

Elon Musk ගේ SpaceX ආයතනය විසින් අභ්‍යාවකාශගත කරන ලද Starship යානය පෘථිවිය වෙත නැවත එන ගමනේ දී විනාශ වී තිබෙනවා.

ටෙක්සාස් ප්‍රාන්තයේ බොකා චිකා සිට මෙක්සිකෝ බොක්ක හරහා ගුවන් ගත වූ මෙම අභ්‍යවකාශ යානය පෘථිවිය වටා එක් වටයක් ගමන් කරනු ලැබුවා.

එම ගමන අවසානයේ දී එය නැවත පෘථිවියට ඇතුළු වන අවස්ථාවේ දී පෘථිවි වායුගෝලය හා ගැටීමෙන් යානය සහ SpaceX මෙහෙයුම් මැදිරිය අතර සන්නිවේදනය විසන්ධි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

SpaceX හි Dan Huot සඳහන් කර ඇත්තේ යානය අතුරුදහන් වී ඇති බවත් එහි කඩා වැටීමක් තවමත නිරීක්ෂණය කළ නොහැකි බවත් ය.

මෙය Starship හි තෙවන පරීක්ෂණය වන අතර එය සාපේක්ෂව ඉහළ සාර්ථක මට්ටමක් අයත් කර ගෙන ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.