මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් දෛනික ජල හා විදුලි පරිභෝජනය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 47 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, ජනවාරි මස 23 වනදා වනවිට 50%ක පමණ පැවති ජල විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගෙන් විදුලි ජනනය කිරීම මේ වනවිට 30%ත් 35%ත් අතර මට්ටමක් දක්වා පහත වැටී ඇති බව විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සම ලේකම් නන්දන උදය කුමාර ප්රකාශ කළා.

