මෑතකදී චිලි රාජ්‍යයේ වෙරළේ සිට Rapa Nui දක්වා විහිදෙන කිලෝමීටර් 2,900ක් දිග දිග දිය යට කඳු දාමයක් වන Nazca සහ Salas y Gómez Ridge හි සිදු කරන ලද පරීක්ෂණ වලින් නව සත්ත්ව විශේෂ 100ක් පමණ සොයා ගැනීමේට පර්යේෂකයන් සමත් වී තිබෙනවා.
ඒ අතර කොරල්පර, වීදුරු ස්පොන්ජ්, මුහුදු ඉකිරියන්, ඇම්පිපොඩ්, පොකිරිස්සන් සහ මාළු විශේෂ වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.
Universidad Católica del Norte හි ආචාර්ය Javier Sellanes විසින් මෙහෙයවන ලද මෙම විද්‍යාඥයින් කණ්ඩායම විසින් දිය යට රොබෝ යන්ත්‍රයක් භාවිතා කර මුහුදු මට්ටමේ සිට මීටර් 4,500 ගැඹුරට යාත්‍රා කර මුහුදු කඳු 200න් 10 ක දත්ත රැස් කර තිබෙනවා.
මුහුදු කන්දක් යනු සාමාන්‍යයෙන් අක්‍රිය ගිනි කඳු වල අවශේෂ වනවා. ඒවා බොහොමයක් මුහුදු ජීවීන්ට ජීවත් වීමට ඝන පෘෂ්ඨයක් ලබා දෙමින් ඔවුන්ට අවශ්‍ය ආහාර සපයා ගැනීම කෙරෙහි දායක වන බැවින් ඒ ආශ්‍රිතව ඉතා පුළුල් ජෛව විවිධත්වයක් දැකිය හැකි වනවා.
මෙහි දී පර්යේෂකයන් විසින් අධ්‍යනය කරන ලද සෑම මුහුදු කන්දක්ම පාහේ එකිනෙකට වෙනස් පරිසර පද්ධතීන් බව පෙනී ගොස් තිබෙනවා.
ඉදිරි වසර 10 තුළ නව සාගර විශේෂ 100,000 ක් සොයා ගැනීමේ ඉලක්කයක් මොවුන් සතුව වන බවයි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මෙම වීඩියෝව නරඹන්න.
මීටර 669ක් ගැඹුරින් හඳුනා ගත් squat lobster

මීටර 516ක් ගැඹුරින් හඳුනා ගත් Oblong Dermechinus urchins

මීටර 1105ක් ගැඹුරින් හඳුනා ගත් අති දුර්ලභ whiplash squid (Mastigoteuthis)

මීටර 1388ක් ගැඹුරින් හඳුනා ගත් Chaunax මත්ස්‍යයෙක්


