බටහිර බෙංගාල ප්‍රාන්තයේ සත්වෝද්‍යානයකට සිංහයන් දෙදෙනෙකුට ලබා දී ඇති නම් වලට එරෙහිව විරෝධය එල්ල වීමත් සමඟ එම නම් වෙනස් කරන ලෙස කොල්කටා මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
මෙම සිංහයන්ගෙන් ගැහැණු සත්ත්වයා සීතා ලෙස සහ පිරිමි සත්ත්වයා අක්බර් ලෙස නම් කර තිබෙනවා.
සීතා යනු රාම කුමරුගේ පතිනිය වන අතර ඇය හින්දුන්ගේ පූජනීය දේවතාවියක ද වනවා. එසේම අක්බර් යනු 16 වන සියවසේ මෝගල් පාලකයෙක් වනවා.
මෙලෙස ඔවුන්ගේ නම් සිංහයන්ට තැබීමෙන් ආගමික හැඟීම්වලට හානි වනවා සහ එය එම චරිත වලට කරන අපහාසයක් බව සඳහන් කරමින් දැඩි මතධාරී හින්දු කණ්ඩායමක් විසින් පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඊට අදාළ තීන්දුව ඊයේ (22) ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය අධිකරණය නියෝග කළේ හින්දු දෙවිවරුන්, ආගමික චරිත, නොබෙල් ත්‍යාගලාභීන් සහ නිදහස් සටන්කාමීන්ගේ නම්වලින් සතුන් නම් කිරීම නොකළ යුතු බවයි.

