දකුණු තමිල්නාඩු ප්‍රාන්තය විසින් බොම්බයි මොටයි හෙවත් cotton candy විකිණීම තහනම් කර තිබෙනවා.
ඒ පරීක්ෂණ සඳහා යවන ලද බොම්බයි මොටයි සාම්පලවල රොඩමයින්-බී නම් පිළිකාකාරකය පවතින බව රසායනාගාර පරීක්ෂණවලින් තහවුරු වීමෙන් පසුවයි.
මේ මස මුල දී පුදුචෙරි යුනියන් ප්‍රදේශයේ මෙම තහනම පළමුවෙන් ක්‍රියාත්මක කරනු ලැබූ අතර පසුගිය සතියේ අනෙකුත් ප්‍රදේශ වලද බොම්බයි මොටයි විකිණීම තහනම් කර තිබෙනවා.
අධ්‍යයනවලින් පෙන්නුම් කර ඇත්තේ එම රසායනිකය පිළිකා අවදානම වැඩි කළ හැකි අතර යුරෝපයේ සහ කැලිෆෝනියාවේ ආහාර සායම් ලෙස එය භාවිතා කිරීම නීති විරෝධී ලෙස නම් කර තිබෙනවා.
තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ ආහාර සුරක්ෂිතතා නිලධාරි P Satheesh Kumar විසින් The Indian Express පුවත්පතට පවසා ඇත්තේ මෙම බොම්බයි මොටයි වල පවතින අපවිත්‍ර ද්‍රව්‍ය පිළිකා සෑදීමට මෙන්ම ශරිරියේ අනෙකුත් අවයව සඳහා ද හානිදායක වන බවයි.
සෞඛ්‍ය අමාත්‍ය මා සුබ්‍රමනියන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම රොඩමයින්-බී ආහාර සඳහා භාවිතා කිරීම 2006 ආහාර සුරක්ෂිතතා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වන බවයි.
බොම්බයි මොටයි ස්වයං රැකියාවක් ලෙස සකසා විනෝද උද්‍යාන, පොළවල් සහ ළමයින් නිතර ගැවසෙන වෙනත් විනෝදාස්වාද ස්ථානවල විකුණනු ලබනවා.

