අද අලුයම දකුණු චීන අගනගරය වන Guangzhou හි දී හිස් බහාලුම් නෞකාවක් පාලමක ගැටීමෙන් පාලමේ කොටසක් කඩා වැටී පුද්ගලයන් දෙදෙනෙක් අතුරුදහන් වී තිබෙනවා.
එසේම එක් අයෙක් තුවාල ලබා සහ තවත් තිදෙනක් අතුරුදහන් වී ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.
අනතුරින් නෞකාවේ තිබූ බස් රථයක් ද ඇතුළු වාහන තුනක් වතුරට වැටි තිබෙනවා.
CCTV දර්ශන වලට අනුව පාලමේ කණු වලට සිදු වූ බලපෑම හේතුවෙන් පාලමේ මාර්ගය කොටස කඩා වැටි ඇති අතර සිද්ධියට හේතුව තවමත් අනාවරණය කර ගෙන නැහැ.
Guangzhou යනු ප්රධාන කාර්මික සහ නිෂ්පාදන කලාපයක් වන අතර නාවික මාර්ග ජාලයකින් සමන්විත ප්රදේශයක් වනවා.

