වනිඳු හා මහිෂ් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ICC පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල 20යි 20 පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට වනිඳු හසරංග සමත් ව තිබේ.

ඒ, ප්‍රසාද ලකුණු 705ක් ලබා ගනිමිනි.

එහි තුන් වැනි ස්ථානයේ මහීෂ් තීක්ෂණ පසු වන අතර, ඔහුට හිමි වී ඇති ප්‍රසාද ලකුණු ගණන 676කි.

20යි 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසු වන්නේ, එංගලන්ත දඟපන්දු යවන ක්‍රීඩක ආදිල් රෂිඩ් ය.

මේ අතර, 20යි 20 තුන්ඉරියව් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ද ඉදිරියට පැමිණීමට නායක වනිඳු හසරංග සමත් ව තිබේ.

ඒ, ප්‍රසාද ලකුණු 239ක් ලබා ගනිමිනි.

බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන් ප්‍රසාද ලකුණු 256ක් හිමි කර ගනිමින් එම ලයිස්තුවේ පළමු ස්ථානයේ පසුවනු ලබනවා.