කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ වයඹ පළාතේ හා ගම්පහ, කොළඹ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතිනු ඇති බවයි.
ඒ අනුව එම දිස්ත්‍රික්ක වල වෙසෙන පුද්ගලයන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර වැඩබිම්වල සෙවණ ඇති ස්ථානවල හැකි පමණ රැදී සිටින ලෙසයි දැනුම් දෙන්නේ.
නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර මෝටර් රථ තුළ තනිවම කුඩා ළමුන් රඳවා නොතබන ලෙසත් අවධාරණය කරනවා.
එසේම සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇදුම් හැකි සෑම අවස්ථාවකම භාවිත කරන ලෙසටත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දෙනවා.

