උද්ධමනය තවත් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.5%ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එම දර්ශකයට අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටය.

මේ අතර 2023 වසරේ දෙසැම්බර් මාසයේ සියයට 1.6ක් ලෙස පැවති ආහාර උද්ධමනය 2024 ජනවාරි මාසයේදී සියයට 4.1ක් දක්වා ඉහළගොස් තිබෙනවා.