විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි

ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී සදහන් කළා.

හෙට දිනයේ අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ගෘහස්ථ සහ ආගමික ස්ථාන කාණ්ඩයේ ඔක්තෝබර් මාසයේ වැඩිකළ සියයට 18ක බිල වැඩිකිරීම සම්පූර්ණයෙන් මෙහිදී අඩුකෙරෙනු ඇත.

එසේම ඔක්තෝබර් මාසයේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල සියයට 12කින් මිල වැඩි කිරීමටද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

රජයේ ආයතනවල විදුලි බිල සියයට 24කින් වැඩිකළ ප්‍රමාණයද නව සංශෝධනය අනුව අඩු කෙරෙනු ඇත.