2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට රැගෙන ඒම අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 70% මට්ටමට ඉහළ ගොස් තිබූ උද්ධමන අනුපාතය අද වන විට 6% දක්වා පහත දැමීමට රජයට හැකිව ඇති බවයි.
එසේම ඩොලර් මිලියන දෙකක් දක්වා පහත බැස තිබූ විදේශ සංචිත ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 4.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 128% දක්වා ඉහළ ගොස් තිබූ රාජ්‍ය ණය ප්‍රමාණය අද වන විට 104% දක්වා පහළ ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.
ක්‍රම ක්‍රමයෙන් ආර්ථිකය ශක්තිමත් වීම සිදු වෙමින් පවතින බවත් කිසිවකුට ප්‍රතිහාර පෑමේ හැකියාවක් නොමැති බවත් අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සතියකින් දෙකකින් ආර්ථිකය යථාවත් කළ නොහැකි බවයි.
මේ අතර මහ බැංකු සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳ විපක්ෂය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආදේශ නොමැති ඇතැම් තනතුරු සඳහා එලෙස වැටුප් වැඩිවීම් ලබා දී ඇත්තේ ඔවුන්ව අදාළ තනතුරුවල රඳවා ගැනීමේ අපේක්ෂාවෙන් බවයි.

