ඇමරිකාවෙන් යුක්රේනයට ඩොලර් බිලියන 60ක යුධ ආධාර

යුක්රේනයට ඩොලර් බිලියන 60ක යුධ ආධාර ලබා දීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් එකඟත්වය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ආධාර ලබා දීම සඳහා කොන්ග්‍රස් ඡන්දයක් පවත්වා එම යෝජනාව සම්මත විය යුතු අතර ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එහි දී මෙම යෝජනාව අනුමත වන බවට තමන්ට විශ්වාස බවයි.

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මින් පෙර ද යුධ ආයුධ ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබුනා.

පසුගිය දා රුසියානු හමුදා විසින් යුක්රේනයේ Avdiivka ප්‍රදේශය අල්ලා ගත් අතර බයිඩන් සඳහන් කරන්නේ කොන්ග්‍රසයේ ඇති අකාර්යක්ෂමතාවය හේතුවෙන් නිසි වෙලාවට යුක්රේනයට ආයුධ සැපයීමට අපොහොසත් වීම නිසා රුසියානු හමුදා එය අල්ලා ගත බවයි.

රුසියාවට එරෙහිව යුද්ධයේ දී යුක්රේනය ප්‍රධාන වශයෙන් ඇමරිකාව සහ අනෙකුත් බටහිර රටවල් විසින් සපයන ආයුධ වලින් යුධ වදිනු ලබනවා.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පැවසුවේ එක්සත් රාජධානිය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදයෙන් යුක්රේනයට උපකාර කිරීම එම යුද්ධයේ දී රුසියාවට විශාල බලපෑමක් එල්ල කල හැකි දෙයක් බවයි.