ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවුණු දෙසීයකට වැඩි පිරිසක් මෑත භාගයේදී සියදිවි හානි කරගෙන ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා සඳහන් කරනවා.
මේ රටේ ලක්ෂ 28ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින බවත් ඉන් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.
මේ අතර ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ණය ලබාදී ඇත්තේ 38% ක සහ 48% ක පමණ ලොකු පොලී අනුපාතවලට බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තොරතුරු අනාවරණය වී තිබෙනවා.
කාන්තාවන් වැඩි ප්‍රමාණයක් මැදපෙරදිග රටවල ගෘහ සේවයට එක්වීමද ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයට හේතුවක් බවයි එම කමිටුව පෙන්වා දෙන්නේ.

