තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා ඇප මත නිදහස් වීමෙන් පසු බැංකොක් අගනුවර පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබෙනවා.
ඔහු සිය තනතුර දරමින් සිටිය දී සිදු කරන ලද දූෂණ අක්‍රමිකතා සහ බලය අයුතු ලෙස භාවිතා කිරමේ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන් ඔහු වසරක් පුරාවට සිර දඬුවම් ලබමින් සිටියා.
74 හැවිරිදි තක්ෂින් වසර 15ක් තිස්සේ තායිලන්තයෙන් බැහැරව සිටි අතර පසුගිය අගෝස්තු මාසයේදී තායිලන්තයට පැමිණි පසුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
කෙසේවෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් යැයි පවසමින් ඔහු පොලිස් රෝහලේම මෙම වසරක කාලය ගත කර තිබෙනවා.
තක්ෂින් ෂිනවත්රාට වසර 08ක සිර දඬුවමක් නියම වුණු නමුත් තායිලන්තයේ රජු විසින් එය වසර 01ක් දක්වා අඩු කරනු ලැබුවා.

