දහම් පාසල් ශ්‍රේණි විභාගය අද

සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උපදෙස් පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් ශ්‍රේණි විභාගය අද පැවැත්වෙනවා.

එය දිවයින පුරා මධ්‍යස්ථාන 4,076කදී විභාගය පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

6 සහ 7 ශ්‍රේණිවලට අදාළ විභාගය අද පෙරවරු 08.30 සිට පෙරවරු 10 දක්වා පැවැත්වෙනවා.

එසේම 8 සහ 9 ශ්‍රේණි සදහා වූ විභාගය පෙරවරු 10.30 සිට 12.30 දක්වා පැවැත්වෙනු ඇත.

10 ශ්‍රේණිය සදහා වූ විභාගය පෙරවරු 9 සිට පෙරවරු 11.30 දක්වා පැවැත්වෙනු ලබනවා.