රබර් කර්මාන්තය ආශ්‍රිතව රබර් අස්වනු සහායකයින්හට (රබර් කිරි කැපීමේ ) ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් පියවර ගෙන ඇත.
ඒ අනුව, රබර් අස්වනු සහායකයින් ලෙස කටයුතු කළ 169කට පළමු වරට NVQ-3 සහතික පත් ප්රදානය කිරීම පසුගියදා අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ දී සිදු විය.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්රදානය සිදු කෙරුණු අතර එම අවස්ථාවට රබර් පර්යේෂණ මණ්ඩලයේ සභාපති ලක්ෂ්මන් අබේගුණසේකර, ජාතික රබර් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂවරයා , ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ උප සභාපති එස්. එච්. හරිස්චන්ද්‍ර මහතා ද ඇතුළු නිලධාරිහු රැසක් සහභාගී වී තිබෙනවා.
රබර් කිරි කැපීමේ කටයුතුවල නිරත වන කම්කරුවන් ලෙස මෙතෙක් හඳුන්වන ලද කම්කරුවන්ගේ වෘත්තිය ගරුත්වය ආරක්ෂාවන පරිදි රබර් අස්වනු සහායකයින් ලෙස හැඳින්වීම ද මෙහිදී සිදු වුණා.
ජාතික වෘත්තිය නිපුණතා සහතික පිරිනැමීමේ දී රබර් අස්වනු සහායකයින්ට උපාධි ලෝගුවක් පළඳවා සහතික පත් පිරිනැමීමට ද රබර් පර්යේෂණ ආයතනය විසින් පියවර ගෙන තිබිනි.

