පෞද්ගලික අංශයේ හෝ විදේශයන් හි සහාය ඇතිව ආර්ථික අර්බුධය විසඳිය යුතුයි

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සපයා ගැනීම සඳහා දේශීය පුද්ගලික අංශය සමග හෝ විදේශීය ආයෝජකයින් සමඟ එක්ව මෙම තත්ත්වයෙන් මිදීමට මාර්ග සොයාගත යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද මාර්ගෝපකරණ කාමරය, විදේශීය සංචාරක විවේක කාමරය, ආපනශාලාව ඇතුළු නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි.

1893 ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ආකර්ශනීයම දුම්රිය ස්ථාන අතරින් එකක් වන බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය පරිහරණය කරන විදේශීය සංචාරකයින් ඇතුළු මගී ජනතාව වෙනුවෙන් සලසන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් සංචාරක හා ඉඩම් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන සහිතව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර තිබේ.