සෞඛ්‍ය වෘත්තීය සමිති රෝගීන්ගේ ජීවිත පීඩාවට පත් කරන ආකාරයෙන් වර්ජන දියත් කිරීම මේ අවස්ථාවේ සිදු නොවිය යුත්තක් බව විවෘත සහ වගකිව යුතු රජයක් සඳහා වූ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික දුෂ්කරතා පැවැතියද රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි.
පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ට චෝදනා කළ පමණින් රට ඉදිරියට ගෙනයෑමට නොහැකි බවත් රාජ්‍ය නිලධාරීන් ද කාර්යක්ෂමව වගවීමකින් යුතුව ජනතාවට සේවය සැපයීමට බැඳී සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
පවතින මෙම තත්ත්වය වළක්වා ගැනීමට එළඹෙන 19 වැනිදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ජනතාවට සමීපව සේවය කරන නිලධාරීන් සඳහා විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.

