ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු තරඟය අද

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (17) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

නවීකරණය කරන ලද දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වසර පහකට අධික කාලයකින් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වන අතර, දඹුල්ලේදී පන්දුවාර 20 ජාත්‍යන්තර තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී පන්දුවාර විස්ස තරග 3ට අමතරව ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 3කට සහභාගි වූ අතර, එම සියලු තරඟ ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.