සයිබීරියාවේ බන්ධනාගාරයක සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි වයස අවුරුදු 47 දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව අඛණ්ඩ විරෝධතාවයක් මෙහෙයවන ලද ඔහු රුසියාවේ සිදු වන විශාල දූෂණ කටයුතු වලට එරෙහිව හඬක් නගන ලද අයෙකි.
රුසියානු නෙල්සන් මැන්ඩෙලා ලෙස හඳුන්වන ඔහුව පසුගිය දෙසැම්බර් මාසයේ දී සයිබීරියාවේ උතුරු දෙසින් පිහිටි මෙම දණ්ඩන කඳවුරට මාරු කර යවා තිබෙනවා.
මීට පෙර ඔහු සිරකරුවෙකු ලෙස දිගින් දිගටම තම අයිතීන් උල්ලංඝනය කිරීමට එරෙහිව පැමිණිලි මාලාවක් ඉදිරිපත් කර තිබුණි.
රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී සුළු වෙලාවකට පසුව මිය ගොස් ඇති බවයි.

