සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයකින් අනතුරුව සමලිංගික යුවල සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබා දෙමින් නිත්‍යානුකුල ලෙස දරුවෙක් හදා ගැනීමේ පහසුකම ද හිමි වී තිබෙනවා.
ග්‍රීසියේ අගමැති Kyriakos Mitsotakis පැවසුවේ මෙම නව නීතිය හරහා සැමටම එක සමාන අයිතිවාසිකම් ලැබෙන බවයි.
කෙසේවෙතත් මෙම තීරණයට එරට ප්‍රබල ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් විසින් විරෝධය දක්වා ඇති අතර ඔවුන් ඇතන්ස්හි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැලියක් ද පවත්වා තිබෙනවා.
මෙම පියවර හරහා ග්‍රීසියේ සමාජය දුෂණයට ලක් වන බවයි ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධානී අගරදගුරු අයිරොනිමෝස් පැවසුවේ.
මෙම නව නීතිය ග්‍රීසිය පැති දෙකකට වෙන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

