රේගු වෘත්තීය සමිති දියත් කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා.
ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමඟ අද (16) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
වසර 04ක් පුරා ප්‍රමාද කර ඇති උසස්වීම් කඩිනමින් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ පෙරවරුවේ ආරම්භ කරනු ලැබුවා.

