පෙබරවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 පෙබරවාරි මාසය සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එය ප්‍රධාන වශයෙන් ම 2024 ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වටයට අදාළ තීරණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම් වනවා.

විශේෂයෙන් ම, ආර්ථික වර්ධනය සහ උද්ධමනයට අදාළව ඉදිරි දැක්මක් සැපයීම සඳහා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මෙය බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මෙම වාර්තාව මගින් මෑත කාලීන මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා මූලික වූ පසුබිම සන්නිවේදනය කිරීම තුළින් මහ බැංකුවේ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීමට මහ බැංකුව ප්‍රයත්න දරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

අදාළ වාර්තාව මේ හරහා ලබා ගත හැක.