ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය ජය ගැනීමට එරට හිටපු ආරක්ෂක ඇමති ප්‍රබෝවෝ සුබියැන්තෝ සමත් වී තිබෙනවා.
ඔහු 58%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමිනුයි මෙලෙස ජයග්‍රහණය කර ඇත්තේ.
ඉන්දුනීසියානු හමුදාවේ හිටපු ජනරාල්වරයෙකුවන 72 හැවිරිදි වියේ පසුවන ඔහු මීට පෙර අවස්ථා දෙකකදී, ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී පරාජයට පත්වුණා.
ඔහු මෙවර මැතිවරණයේ දී ටික්ටෝක් සමාජ මාධ්‍ය සිය ප්‍රචාරණ කටයුතු සඳහා මූලිකව යොදා ගත් අතර එහි cute grandpa කෙනකේ ලෙස පෙනී සිටිමින් තරුණ ඡන්ද දායකයන්ගේ විශ්වාස දිනා ගැනීමට සමත් වුණා.
කෙසේවෙතත් ඔහු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් ලෙසයි දැක්වෙන්නේ.

