දිවංගත මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංග මහතාගේ 36 වැනි ගුණානුස්මරණ උලෙළ හෙට (16) සවස 2.00 සිට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ජාතික මහජන සහෘද සංසදය නියෝජිත මාදම්පාගම අස්සජි හිමියෝ පවසනවා..
නවම් විරු සැමරුම ලෙස මේ සැමරුම නම් කරමින් දිවංගත විජය කුමාරතුංග මහතා ප්රධාන, පුවක්දරමුල්ලේ පේමාලෝක නායක හිමි, ඔසී අබේගුණසේකර, දේවබණ්ඩාර සේනාරත්න මහත්වරුන් ඇතුළු එකසිය ගණනක් ජීවිතක්ෂයට පත් කළ සිද්ධිය ජාතික මහජන සහෘද සංසදය මඟින් සැමරීම සිදු කරන බවයි උන්වහන්සේ ප්රකාශ කළේ.
විජය කුමාරතුංග මහතාගේ දේශපාලන දර්ශනය අදටත් වටිනා දර්ශනයක් වන අතර ඒ මහතා කළ කාර්යයන් සමාජගත කිරීමේ අරමුණෙන් මේ සැමරුම සිදු කරනු ලබනවා.

