අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත්කිරීම සඳහා වූ අයදුම්පත් කැඳවීමක් ආරම්භ කර තිබෙනවා.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ දක්වා ඇති විධිවිධාන යටතේ අයදුම්පත් කැඳවීම සිදු කරන බවයි පාර්ලිමේන්තුව සඳහන් කර ඇත්තේ.
“අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අධ්යක්ෂ ජනරාල්වරයා පත් කිරීම” යන කෙටි සබැඳිය යටතේ පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇති ආකෘතිය අනුව එම ධුරය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් විසින් අදාළ අයදුම්පත් සකස් කළ යුතු වනවා.
නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් 2024 මාර්තු 04 හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් constitutionalcouncil@parliament.lk වෙත යැවිය යුතු වේ.
එසේම “අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පත් කිරීම” යන්න email හි subject යටතේ හෝ ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ සඳහන් කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ.

