මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්වය හේතුවෙන් චර්ම රෝග ව්‍යාප්තියේ වැඩි වීමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
ඒ හේතුවෙන් දරුවන්ට දිනකට දෙවරක් නෑමට ඉඩ ලබා දිය යුතු බවත් චර්ම රෝග ඇති දරුවන් උදෑසන සහ රාත්‍රියට විනාඩි 20 පමණ කාලයක් ජලයේ සිටීමෙන් එම තත්වය පාලනය කර ගත හැකි බවත් ඔහු සඳහන් කරනවා.
දරුවන් ක්‍රීඩා කටයුතු වල නිරත වන්නේනම් ගෘහස්ථ ස්ථාන යොදා ගැනීමටත්, නිරන්තරයෙන් ජලය සහ දියර වර්ග පානය කිරීමටත් කටයුතු කරන ලෙසත්, එම තත්වයන් අනුගමනය නොකිරීමෙන් තාප කම්පන තත්වයන් නිසා මරණයට පවා පත්විය හැකි බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
එසේම හතිය වැනි රෝග ලක්ෂණ සහිත දරුවන්ටද නෑමට අවස්ථාව ලබා දෙන ලෙස යි වෛද්‍යවරයා පවසන්නේ.

