AI භාවිතයෙන් සිදු කරන robocalls නීති විරෝධී වෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි AI භාවිතයෙන් සිදු කරන robocalls නීති විරෝධී ලෙස සලකන බව එක්සත් ජනපදයේ සන්නිවේදනය නියාමනය කරන ෆෙඩරල් නියෝජිතායතනය නිවේදනය කර තිබෙනවා.

කීර්තිමත් පුද්ගලයින්ගේ සහ දේශපාලන අපේක්ෂකයින්ගේ කටහඬ අනුකරණය කරමින් සිදු කරන robocalls හරහා සිදුවන විවිධ වංචනික ක්‍රියාවල ඉහළ යෑමත් සමඟයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පසුගිය මාසයේ නිව් හැම්ප්ෂයර් හි ප්‍රාන්තයේ ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස පවසමින් ජනාධිපති ජෝ බයිඩන් ලෙස පෙනී සිටිමින් රොබෝ ඇමතුම් ලැබීමේ සිදුවීමක් ද සිදු වී තිබෙනවා.

නිව් හැම්ප්ෂයර් හි නීතිපතිවරයා පැවසුවේ මෙම ඇමතුම් ටෙක්සාස් හි සමාගම් දෙකක් විසින් සිදු කර ඇති බවත් ඉදිරියේ දී ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ය.

මේ තත්ත්වය යටතේ එක්සත් රාජධානියේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය ද එංගලන්තයේ මීළඟ මැතිවරණයට AI විසින් විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.