හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඒ ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ වරදට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙනුයි.
රජය විසින් පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහි ලිංගික අපයෝජන පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙස ළමයින්ට බල කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිරගත කරන ලද පුද්ගලයෙකුට ජනාධිපති නොවැක් සමාව ලබා දී ඇති බව පසුගිය සතියේ අනාවරණය වුණා.
ඒත් සමඟම ඇයට සිය ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් හංගේරියාවේ විරෝධතා ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඇය මෙලෙස ඉල්ලා අස් වී තිබෙනවා.
ෆ්‍රැන්සිස් පාප්තුමාගේ හංගේරියාවේ සංචාරයක කොටසක් ලෙස පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජනාධිපතිවරිය විසින් සමාව දුන් 25 දෙනෙකුගේ නම් පසුගිය සතියේ හංගේරියානු මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුවයි මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ.
රූපවාහිනිය ඔස්සේ සජීවීව අමතමින් ඇය සමාව ඇයද සිටි අතර ඇයගේ ඉල්ලා අස් වීමද එම අවස්ථාවේ දී ප්‍රකාශ කරනු ලැබුවා.

