ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 307.74 ක් ලෙස සහ විකුණුම් මිල රු. 317.65ක් ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව රුපියල විශාල වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.

