ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද යුක්තිය මෙහෙයුම්වලින් අපරාධකරුවන් 733ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 589ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 144 ක් ද වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 589 දෙනා අතරින් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුවන් 05 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 04 දෙනෙකු පුනරුත්තාපනය සදහා යොමු කර තිබෙනවා.
එසේම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 08ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 144 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 128 ක්ද සිටින බව සඳහන්.
ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගත් සැකකරුවන් එක් අයෙකු සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙහෙයුමේ දී පහත ප්‍රමාණ වලින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් 130g
අයිස් 159g
ගංජා 1725kg 900g
ගංජා පැල 211,804
මාවා 05kg 525g
මදන මෝදක 121g

