අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මිල සංශෝධනයක්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක් සඳහා මීට පෙර නිකුත් කර තිබූ උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කර කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගිකයාට වඩා ලාභදායි ලෙස වෙළදුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස මෙම පියවර ගත් බවයි අධිකාරිය සඳහන් කරන්නේ.

ඒ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 870 කටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 265 කටත්, ආනයනික හාල්මැස්සන් කිලෝවක් රුපියල් 900 කටත්, ලොකු ලූණු කිලෝවක් රුපියල් 320 කටත් තොග ලෙස අලෙවි කරනු ඇති.

මීට අමතරව, අර්තාපල් කිලෝවකට රුපියල් 120 ක සහ පරිප්පු කිලෝවක රුපියල් 295 ක තොග මිලක් ප්‍රසිද්ධ කර තිබෙනවා.