ඉන්දීය රජයේ නිල ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මෙම හමුව සර්දාර් පටෙල් භවාන්හිදී පවත්වා තිබෙනවා.
එහිදී කලාපීය ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාව, ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.
එසේම අනුර කුමාර විසින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර්ද හමු වී තිබෙනවා..
එහිදී ශ්‍රී ලංකාව පත්ව ඇති දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියානු රජයෙන් ලබාදිය හැකි උපරිම සහාය ඉදිරියේදීත් ලබාදෙන බවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එහිදී පෙරොන්දු වී තිබෙනවා.

