ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව්දෙනෙකු ඉන්දීය සංචාරයක් සඳහා අද අලුයම පිටත්ව ගොස් තිබෙනවා.
ජාතික ජනබලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත ද යන අය ද මෙම පිටත්ව ගිය පිරිස අතර වන බවයි වාර්තා වෙන්නේ.
ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙම පිරිස මෙම සංචාරයේ නිරත වන අතර හෙට දිනයේ නිල හමුවක් ද පැවැත්වීමට නියමිතව ඇත.

