ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 559ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 108ක් සිටින බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 03ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.
එසේම මෙහි දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 108 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 09ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 97ක්ද ඇති බව සඳහන්.
අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 02ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

