දකුණු සුමාත්‍රාව ආශ්‍රිතව භූ කම්පනයක්

අද අලුයම 12.52ට පමණ ඉන්දුනීසියාවේ දකුණු සුමත්‍රා දූපත ආශ්‍රිත මුහුදේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එහි ප්‍රභලත්වය ලෙස රික්ටර් මාපකාංක 5.7ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිරිතදිග පෙසිසිර්සෙලාටන්-සුම්බාර් හී කි.මී 89 දුර මුහුද ආශ්‍රිතව මෙම කම්පනය සිදු වී තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවයි වාර්තා වෙන්නේ.