ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අද පස්වරුවේ අත්සන් කරනු ලැබුවා.
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මේ සඳහා අත්සන් තබා තිබෙනවා.
මෙම ගිවිසුම භාණ්ඩ වෙළෙඳාම, ප්‍රභවස්ථාන රීති, සනීපාරක්ෂක සහ ශාක සනීපාරක්ෂක පියවර, වෙළෙඳාමට ඇති තාක්ෂණික බාධක, වෙළෙඳ ප්‍රතිකර්ම, සේවා වෙළෙඳාම, ආයෝජනය, රේගු ක්‍රියාපටිපාටිය සහ වෙළෙඳ පහසුකරණය, ආර්ථික සහයෝගීතාව, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, මූලික ප්‍රතිපාදන, ආයතනික හා අවසාන ප්‍රතිපාදන, විනිවිදභාවය සහ ආරවුල් විසඳිම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි පරිච්ඡේද 14කින් සමන්විත වනවා.
එසේම ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ තායිලන්තය වෙනුවෙන් එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජකපොන්ග් සංග්මනී (Jakkapong Sangmanee) යන මහත්වරු ඊට අත්සන් තබා සඳහන් වෙන්නේ.
මේ අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය (GIT) අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවබෝධතා ගිවිසුමකට ද මෙහි දී අත්සන් තබා තිබෙනවා.




