රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 අධ්‍යන වර්ෂයයේ තුන්වන වාරයේ දෙවන අදියර අනිද්දා (05) සිට ආරම්භ කෙරෙනවා.
2023 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් 23 වනදා තෙවන වාරයේ පළමු අදියරය අවසන් කරමින් පාසල් නිවාඩුව ආරම්භ කරනු ලැබුවා.
මින් පෙර පාසල නැවත ආරම්භ වීමට තිබුනේ පෙබරවාරි පළමුවැනිදා වුණත් උසස් පෙළ කෘෂිවිද්‍යා ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමට සිදු වීම හේතුවෙන් පාසල නැවත ආරම්භය පෙබරවාරි 05 වන දා දක්වා කල් යනු ලැබුවා.

