නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් පිරිසකටත් නිදහස

හෙටට දීමට නියමිත 76 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් තෝරාගත් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව ලබා දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 754ක් හෙට (04) දිනයේදී නිදහස් කෙරෙනු ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට එම විශේෂ රාජ්‍ය සමාව ප්‍රධානය කර තිබේ.

මෙලෙස විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් අතර පිරිමි සිරකරුවන් 729ක් ද, කාන්තා සිරකාරියන් 25 ක් සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කරන්නේ.